ගණිතයෙහි විකාසනය නිමක් නොමැති වියුක්තීකරණ මාලාවක් ලෙස හෝ විෂය කරුණුවල
සිදුවන පුළුල් වීමක් ලෙස හෝ දැකිය හැකි ය. මුල් වියුක්තීකරණය ලෙස සංඛ්‍යා
හැඳින්විය හැකි ය.ඇපල් ගෙඩි දෙකක් හා දොඩම් ගෙඩි දෙකක් අතර යම් පොදු
ලක්ෂණයක් ඇති බව, එනම් ඒ දෙකම එක් මිනිසකුගේ දෑතට ගත හැකි බව, වටහා
ගැනීමට හැකිවීම මිනිස් චින්තනයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි.
සංයුක්ත වස්තු ගණනයට අමතරව,ප්‍රග් ඓතිහාසික මිනිසා කාලය,දින,ඍතු,වර්ෂ
වැනි වියුක්ත රාශී ගණනයට සමත් විය. අංක ගණිතය(උදා:එකතු කිරීම,අඩු කිරීම,
වැඩි කිරීම සහ බෙදීම )ස්වභාවිකවම ගම්‍ය වෙයි.මොනෝලිතික ස්මාරක එකල පැවති
ජ්‍යාමිතික ඥානය ගැන සාක්ෂි දරයි.
ඓතිහාසිකව,ගණිතය තුළ දැවැන්ත ශික්ෂණ මතුව ආවේ,වාර්තා වී ඇති ඉතිහාසයේ
ආරම්භයේ සිට,බදු හා වාණිජ ක්ෂේත්‍රයේ ගණනය කිරීම් කිරීම,සංඛ්‍යා අතර ඇති
සබඳතා හඳුනා ගැනීම,බිම් මැනුම,තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය
කිරීම වැනි අවශ්‍යතා නිසා ය. මෙකී අවශ්‍යතා දළ වශයෙන් ගණිතයෙහි පුළුල්
අනුක්ෂේත්‍ර ලෙස නම් කළ හැකි ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යන
ක්ෂේත්‍ර යටතට අනුරූපණය කළ හැකි ය.
ගණිතය අද බොහෝ වර්ධනය වී ඇති අතර එය සහ විද්‍යාව අතර ඉතා ඵලදායී
අන්තර්ක්‍රියාකාරීත්වයක් පවතී. එය එකී ක්ෂේත්‍ර දෙකෙහිම අභිවෘද්ධියට හේතු
පාදක වී ඇත. ඉතිහාසය පුරාම ගණිතමය සොයා ගැනීම් සිදු වූ අතර දැනටත් සිදු
වෙයි .
0 comments:
Post a Comment