728x90 AdSpace

  • Latest News

    Sunday, September 9, 2012

    1991 Botany Paper II

    1971 ට ප්‍රථම ජෛව තාක්ෂණය යන යෙදුම ප්‍රාථමික වශයෙන් යොදා ගැනුනේ ආහාර නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තයේදීය. 1970 වේ සිට එය බටහිර විද්‍යාත්මක සංවිධාන මගින් විද්‍යාගාර මත පදනම් වූ ක්‍රමෝපායන් ලෙස ජෛව විද්‍යාත්මක පර්යේෂණයන් සදහා අන්තර්ගත කරන ලදී. ඩී.එන්.ඒ ප්‍රතිසංයෝජනය, පටක වර්ධක මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම, ජීවී ශාක තුළ තිරස් ජාන ප්‍රවාහනය සහ ධාරක ජීවියෙකු තුළට බැක්ටීරියාවක් වාහකයා ලෙස භාවිතා කරමින් ඩී.එන්.ඒ ප්‍රවාහනය කිරීම මේ සදහා නිදසුන්ය. සත්‍ය වශයෙන්ම මෙම විග්‍රහ කෙරුම අතීතයේ දී සහ නූතනයේදී කාබනික ද්‍රව්‍යයන් භාවිතා කරමින් ආහාර නිෂ්පාදනය වැඩිකර ගැනීම සදහා සිදු කරන ලද සියළුම ක්‍රමෝපායන් හැදින්වීම සදහා පුළුල් වශයෙන් භාවිතා කළ යුතු වේ. එමනිසා මෙම යෙදුම පහත ආකාරයට ද අර්ථ දැක්විය හැකිය. “දේශීය හෝ විද්‍යාත්මක දැනුම භාවිතා කරමින් ක්ෂුද්‍ර ජීවීන් හෝ උසස් ජීවීන්ගේ සෛල සහ පටක කළමණාකරණය කරමින් ආහාර කර්මාන්තයෙහි සහ එහි පාරිභෝගිකයන් හට තත්වයෙන් උසස් වෙළද ද්‍රව්‍ය සහ සේවාවක් සැපයීමයි.

    ජෛව තාක්ෂණය ප්‍රවේනි විද්‍යාව, අනුක ජීව විද්‍යාව, ජෛව රසායනය, කළල විද්‍යාව සහ සෛල ජීව විද්‍යාව සමග සම්බන්ධතා දක්වන අතර ඒවා රසායනික ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්ෂණය සහ රොබෝ විද්‍යාව වැනි ප්‍රායෝගික සංකල්පයන් සමග ද සම්බන්ධතා පවතී. ව්‍යාධි ජෛව තාක්ෂණය මගින් ප්‍රයෝජනවත් ප්‍රතිඵල ලබාගත හැකි පරිදි ව්‍යාධි ජනකයින් සහ ඔවුන්ගේ ව්‍යුත්පන්නයන් උපයෝජනය කරන ආකාරය පිළිබදව විස්තර කරනු ලබයි.

    1991 Botany Paper II
    1991 Botany Paper II
    1991 Botany Paper II
    • Blogger Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: 1991 Botany Paper II Rating: 5 Reviewed By: Gurugedara
    Scroll to Top