රසායන විද්‍යාව යනු පරමාණු හෝ ප්‍රෝටෝන , නියුට්‍රෝන , ඉලෙක්ට්‍රෝන වැනි
උපපරමාණුක අංශුවල අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබදවත් විද්‍යාත්මකව
හැදෑරීමයි. පරමාණු සංයෝජනය වී අණු හෝ ස්ඵටික සාදයි. තාරකා විද්‍යාව , භෞතික
විද්‍යාව , ජීව විද්‍යාව හා භූ විද්‍යාව වැනි අනෙකුත් ස්වාභාවික විද්‍යා
සමග සෘජු සබදතා දක්වන නිසා රසායන විද්‍යාව ප්‍රධාන විද්‍යාව ලෙසද හැදින්වේ.
රසායන විද්‍යාවේ ආරම්භය ලෙස ඇල්කිමි (alchemy) ලෙස හැදින්වූ පරීක්ෂණ
ක්‍රමය දැක්විය හැක. මෙම ක්‍රමය පහසු ගණනක් තිස්සේ ලොව විවිධ කොටස්වල සිදු
කර ඇත. විශේෂයෙන් මැද පෙරදිග මේ සදහා ප්‍රසිද්ධියක් උසුලයි.
අප නිතර භාවිතා කරන ද්‍රව්‍ය වල ව්‍යුහය හා ගුණ රසායනික ද්රව්‍ය හා
ඒවායේ අන්තර් ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන ප්‍රතිඵලයකි. උදාහරණයක් ලෙස යකඩ
වලට වඩා වානේ ශක්තිමත්ය. එයට හේතුව වානේවල පරමාණු වඩා දෘඪ ස්පටික දැලිසකින්
එකට බැදී පැවතීමයි. යම් කිසි උෂ්ණත්වකට පත් වූ පසු දැව , ඔක්සිජන් සමග
නිසගව ප්‍රතික්‍රියා කරන නිසා දැවීමට හෝ වේගවත් ඔක්සිකරණයට ලක්වෙයි. ලුණු
හා සීනි ජලයේ දියවෙයි. එයට හේතුව ඒවායේ අණුක / අයනික ගුණ වලට අනුව
පරිමන්දිත තත්ව යටතේ ඒවා ද්‍රවණය වීමට වැඩි කැමැත්තක් දැක්වීමයි.
රසායන විද්‍යාවේ දී අප විසින් අධ්‍යයනය කරන පරිවර්තන විවිධ රසායනික
ද්‍රව්‍ය අතර හෝ පදාර්ථය හා ශක්තිය අතර සිදු වන අන්තර් ක්‍රියාවල
ප්‍රතිඵලයයි. පාරම්පරික රසායන විද්‍යාවේ දී සිදු කරන ලද්දේ විද්‍යාගාර
උපකරණ භාවිතයෙන් විද්‍යාගාරයක් තුළ රසායන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන ආකාරය
අධ්‍යයනය කිරීමයි.
0 comments:
Post a Comment